ශ්‍රී ලාංකීය කෙටි චිත්‍රපට කලාව තුළ නව මානයක් සොයා යන “නැට්ටුවෙක් – A Dancer” කෙටි චිත්‍රපටයේ නිල ඡායාරූප ඇල්බමය මේ වන විට නිකුත් වී තිබෙනවා.
චිත්‍රපටයේ චරිත, පසුබිම සහ සිනමාත්මක වාතාවරණය පිළිබඳ යම් ඉඟියක් ලබාදෙන මෙම ඡායාරූප අතරින් එක් ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ විශේෂ අවධානයක් දිනාගෙන තිබීම කැපී පෙනෙන කරුණක්.
එම ඡායාරූපයත් සමඟ “නැට්ටුවෙක්” කෙටි චිත්‍රපටයේ සැබෑ කතා තේමාව කුමක්ද, චරිත අතර ඇති සම්බන්ධතාවය කුමක්ද සහ අවසානයේ ප්‍රේක්ෂකයාට ලබාදෙන පණිවිඩය කුමක්ද යන්න පිළිබඳව සමාජ මාධ්‍ය තුළ විවිධ අදහස් හා අනුමානයන් මතුවෙමින් පවතිනවා.
මේ පිළිබඳව කළ විමසීමකදී චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන කලාශිල්පී චිරාත් බෝම්බුවලගේ සඳහන් කළේ, මේ වන විට චිත්‍රපටය සම්බන්ධයෙන් ලැබෙමින් පවතින ප්‍රතිචාර පිළිබඳව තමන් ඉතාමත් සතුටට පත්වන බවයි.
විශේෂයෙන්ම නිල ඡායාරූප කිහිපයක් පමණක් නිකුත් කර තිබියදීත් ප්‍රේක්ෂකයන් ඒවා පිළිබඳව විවිධ ආකාරයේ අර්ථකථන ඉදිරිපත් කිරීම නිර්මාණ කණ්ඩායමට සතුටක් ගෙන දෙන කරුණක් බවද ඔහු පෙන්වා දෙනවා.
නමුත් ප්‍රේක්ෂකයන් මේ වන විට සිතාගෙන සිටින කතාව එයමද?
චිරාත් බෝම්බුවලගේ සඳහන් කරන ආකාරයට, මේ වන විට ප්‍රේක්ෂකාගාරයෙන් ලැබී ඇති අදහස් සහ අනුමානයන්ට හාත්පසින්ම වෙනස් වූ, අනපේක්ෂිත කතා තේමාවක් “නැට්ටුවෙක් – A Dancer” තුළ අන්තර්ගත වී තිබෙනවා.
ඒ නිසාම නිල ඡායාරූප කිහිපයක් පමණක් දැක චිත්‍රපටයේ සම්පූර්ණ කතාව පිළිබඳ නිගමනයකට පැමිණීම එතරම් පහසු නොවනු ඇති.
කෙටි චිත්‍රපටයක් වුවද, එක් චරිතයක් වටා ගොඩනැගෙන කතාවක් හරහා මිනිස් හැඟීම්, සමාජීය පසුබිම සහ අප බොහෝවිට පිටතින් පමණක් දකින සිදුවීම් පිටුපස සැඟවී ඇති යථාර්ථය පිළිබඳව ප්‍රේක්ෂකයා සිතන්නට පොළඹවන නිර්මාණයක් ලෙස “නැට්ටුවෙක් – A Dancer” පිළිබඳ මේ වන විට කුතුහලයක් ගොඩනැගෙමින් තිබෙනවා.
සිනමාවේ විශේෂත්වය වන්නේ සෑම දෙයක්ම මුල සිට අවසානය දක්වා ප්‍රේක්ෂකයාට පැවසීම නොවෙයි. ඇතැම් අවස්ථාවල එක් ඡායාරූපයක්, එක් බැල්මක් හෝ එක් නිහඬ දර්ශනයක් පවා සම්පූර්ණ කතාවකට වඩා ප්‍රශ්න ගණනාවක් ඉතිරි කරනවා.
“නැට්ටුවෙක් – A Dancer” හි නිල ඡායාරූප මේ වන විට සිදුකරමින් සිටින්නේද එවැනිම දෙයක් විය හැකියි.
රංගනය
ප්‍රධාන චරිත සඳහා
Nilmini Kottegoda
Chirath Bombuwalage
Thilina Perera
නිර්මාණ කණ්ඩායම
Story, Script & Directed By
Dhanusha Fernando
Director of Photography
Ranga Liyanawaduge
Production
Chirath Productions & Dhanusha Fernando Productions
නිර්මාණයේ කතාව, රංගනය සහ කැමරාකරණය එකට එක්ව ගොඩනඟන මෙම සිනමාත්මක අත්දැකීම කෙතරම් වෙනස් වේද යන්න ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට දැකගැනීමට හැකි වනු ඇති.
මේ වන විට නිකුත් වී ඇති නිල ඡායාරූප කිහිපයත් සමඟින් “නැට්ටුවෙක් – A Dancer” පිළිබඳ ප්‍රේක්ෂක අවධානය ක්‍රමයෙන් ඉහළ යමින් තිබෙන අතර, සමාජ මාධ්‍ය තුළ ඇතිවන විවිධ අනුමානවලට සැබෑ පිළිතුර ලැබෙන්නේ චිත්‍රපටය ප්‍රේක්ෂකයා ඉදිරියට පැමිණි පසුවයි.
කතාව ගැන ඔබට මොන වගේ අදහසක්ද තියෙන්නේ?
මෙම ඡායාරූපය දැක්කම “නැට්ටුවෙක් – A Dancer” ගැන ඔබේ අනුමානය මොකක්ද?
“නැට්ටුවෙක් – A Dancer” කෙටි චිත්‍රපටයේ නිල ඡායාරූප කිහිපයක් පහතින්.



